දේශීය පුවත්

සුළු ජාතික පක්ෂ තුනක මන්ත්‍රීන් තිදෙනකු මුලින්ම රජය සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි. මොවුන් දැනට විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨයන් බවද කියැවෙයි. ඔවුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට කැමැත්ත පළකර ඇතැයි ද වාර්තා වෙයි.

අප වෙත ලැබෙන තොරතුරු අනුව මෙයින් එක් අයකු රාජ්‍ය අමාත්‍ය පදවියක් ඉල්ලා ඇතැයි සඳහන්ය. සෙසු දෙදෙනා රජයට කියා ඇත්තේ තමන් නියෝජනය කරන පළාත් සංවර්ධනයට අතහිත දෙන ලෙසය.

රජයට දැනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 150ක (2/3) බලයක් හිමිය. එයින් කතානායකවරයා ඉවත් වූ විට මන්ත්‍රීන් ගණන 149කි. මෙම මන්ත්‍රීන් තිදෙනා පළමුවද තවත් කිහිප දෙනකු ව්‍යවස්ථා සංශෝධනයට පෙරාතුවද රජයට එක්කර ගැනීම සැලසුම බව වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More