දේශීය පුවත්

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නියෝජ්‍ය අගමැතිධූරයක් ලබා දෙන ලෙස එම පක්ෂය විසින් රජයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

එම නව ධූරය 18 සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන අහෝසි කිරීමෙන් අනතුරුව අලුතින් ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කොටසක් ලෙස ඇතුළු කරන ලෙසට යෝජනා කර ඇතැයි නම සඳහන් කිරීමට අකැමැති එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. එම යෝජනාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය.

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීන් 15 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති. එයින් දෙදෙනකුට කැබිනට් අමාත්‍ය පදවි හිමි විය. තවත් හතර දෙනකුට රාජ්‍ය ඇමැති පදවිද නියෝජ්‍ය කතානායක හා කාරක සභා නියෝජ්‍ය සභාපති පදවි තවත් දෙදෙනකුට ද හිමිවුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු ස්වාධීන කණ්ඩායමක් ලෙසට අසුන් ගන්නා බවට පැතිර යන කතා අසත්‍ය බවත් රජය සමඟ එක්ව ඉදිරියට යන බවත් එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More