දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගනු ලැබුවේ 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී ය.

මෙම අවස්ථාවට බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන, මහාචාර්ය     පූජ්‍ය පාතේගම ඤාණීස්සර, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස යන නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය ද අන්‍යාගමික පූජකතුමන්ලා ද එක්ව සිටියහ. ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ අපූර්ව යෙදුම් ද අවස්ථා සම්බන්ධයන් ද සහිත අනුශාසනාවයක් සිදු කළේ කර්මාන්ත අමාත්‍යාංශය සහ ජනතාව අතර සබඳතාව ද  මෙනෙහි කරමිනි.

“ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට නැමති ‘නැව’ භාර ගත්තාට එතුමාට පදවා ගෙන යාමට සිදුව ඇත්තේ හැම තැනම හිල් වුණු නැවක්. ආර්ථිකයෙන්, සංස්කෘතියෙන්, පාලනයෙන්, ජාත්‍යන්තර අර්බුදවලින් මේ නැව හැම තැනම පලුදු වී තිබෙනවා. ඒ නිසා ඒ සියල්ල සකස් කර ගෙන යන්න ඔවුන්ගේ ශාක්‍යතාවන් අනුව සුදුසුම පුද්ගලයන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් තෝරා පත් කර ගෙන තිබෙනවා. රටක ඉදිරිය, ආර්ථිකය තීරණය වන්නේ ඒ රටේ කර්මාන්ත මොන තරම් සාර්ථකව සිදු  වෙනවාද , යන්න සමගයි.

පස් වසරක් පමණ මහා දුෂ්කර ක්‍රියාවන් කරලා, මේ රටට නායකයකු තනන්න නොවිදිනා දුක් විදපු ඔබතුමාට පැවරිලා  තිබෙන්නේ, අතිශය වැදගත් කාර්යභාරයක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඔබතුමා ගැන සුවිශේෂී විශ්වාසයක් තබා තිබෙන නිසා තමයි මේ කර්මාන්ත අමාත්‍යාංශය භාර දී තිබෙන්නේ.

කර්මාන්ත ඇමතිවරයාට රටේ මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එනම් ‘යකඩ ගුලි’ වගේ වතුරේ ගිලෙන මිනිසුන් වතුරේ පාවෙන ‘පාත්‍ර’ බවට පත් කරලා මුදවා ගැනීමේ හැකියාව තිබෙනවා. ‘යකඩ ගුලි’ වගේ වතුරේ ගිලෙන මිනිසුන් වතුරේ පාවෙන ‘පාත්‍ර’ බවට පත් කිරීමේ ‘මිටිය’ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඔබතුමන්ට භාර දී තිබෙනවා. ඒ මහා වගකීම ඉටු කරලා ඒ මිනිසුන්ට ශක්තියක් වීමට ඔබතුමන්ට ධෛර්යය පතනවා.” යනුවෙන් එහිදී මැදගොඩ අභයතිස්ස නාහිමි අනුශාසනා කළහ.

මෙම අවස්ථාවට බලශක්ති කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන ආශ්‍රිත කර්මන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර , වේවැල් , පිත්තල, මැටි , ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් සරත් විජේසිරි, ජාතික සංවිධායක, ගුදම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, දේශපාලන මණ්ඩල සභික නිමල් පියතිස්ස, ගාමිණි වලේබොඩ , උද්දික ප්‍රේමරත්න යන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.

– අබර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More