ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ.
ඒ එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද (21) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුවය.
නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එය මන්ත්‍රී යෝජනාවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිපුන රණවක මන්ත්‍රීවරයා විසින් අද පාර්ලිමේන්තුවට යෝජනා කිරීමෙන් අනතුරුව ඊට අදාළ විවාදය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුව වන තුරු පැවතුණි.
අනතුරුව පාර්ලිමේන්තුව අගෝස්තු මස 27 වන දින උදෑසන 9.30 තෙක් කල්තැබුණි.
මේ අතර, නව වන පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රී සඳහා වන දැනුවත් කිරීමේ වැඩමුළුව අගෝස්තු මස 25 වන දින හා 26 වන දින උදෑසන 9 සිට සවස 6 දක්වා පැවැත්වෙන බව කථානායකවරයා දැනුම් දුන්නේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...