මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගියද ඔහු පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය තුළ ඇතිවන කතාබහ කිසිදු අඩුවක් නොමැත.
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම දීමේදී හිටපු ජනාධිපතිවරයා ලෙස සිරිසේන මහතාට ප්‍රබල කැබිනට් තනතුරක් හිමිවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද ඔහුට කිසිදු ඇමති ධුරයක් හිමි නොවීය. දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය කතාව වූයේ ඔහුට වෙන්කර තිබූ පරිසර අමාත්‍යංශය ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
සිරිසේන මහතාට ඇමති තනතුරක් හිමි නොවීම දැඩි කතාබහට ලක් වූ අතර ඊට පසුදා ඔහු සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන හේතුවෙන් එම කතාබහ වෙනත් ආරකට ගමන් කළේය.
සිය ඡායාරූපයක්ද සමග හිටපු ජනාධිපතිවරයා සටහන් කර තිබුණේ ‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි’ යනුවෙනි. එය මේ වනවිට ෆේස්බුක් වෙබ් අඩවිය පුරා වෛරල් වී තිබේ.
මේ අතර ඊයේ සිය පිටුවේ සටහනක් තබන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ තම ජනාධිපති ධුර කාලසීමාව තුළ ඉදිකිරීම් ආරම්භ වූ මන්නාරම සුළං විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම පිළිබඳවයි. ඒ පිළිබඳව සටහනක් තබමින් සිරිසේන මහතා පවසන්නේ ‘2016 වසරේ ආරම්භ කරන ලද මන්නාරම සුළං විදුලි බලාගාරය මගින් රටම එලිය කරන සුභ දිනය වැඩි ඇතක නොවේ’ යනුවෙනි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...