වැඩබිමක දී හෝ රාජකාරී අවස්ථාවක දී හදීසියේ මිය යන සේවකයෙක් සඳහා වර්තමානයේ ගෙවන රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදල රුපියල් ලක්ෂ 20ක් දක්වා වැඩි කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා පවසා සිටියේ, පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා මියගිය විට එම පවුල සම්පූර්ණයෙන්ම අසරණ වන බැවින් රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදල කිසිසේත්ම, ප්‍රමාණවත් නොවන බවය.
පසුගිය 19 වන දා කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාව අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
කම්කරු උපදේශක සභාව, වෘත්තීය සමිති නියෝජිතයින් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන්ගෙන් යුක්ත වේ.
මෙහිදී තවදුරටත් ඇමතිවරයා ප්‍රකාශ කළේ, මේ වන විට ගොඩගැසී ඇති කම්කරු වන්දි නඩු කඩිනමින් අවසන් කිරිමට නව ක්‍රියාමාර්ගයක් යෝජනා කරන බවය.
ඒ අනුව, මෙම නඩු සියල්ලම කම්කරු විනිශ්චය සභාවලට යොමු කළ යුතු බව ඇමතිවරයා පැවසීය.
එවිට දිග්ගැස්සෙන මෙම වන්දි නඩු මාස 2ක් තුළ අවසන් කළ හැකිවනු ඇතැයි ඇමතිවරයා පෙන්වා දුනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...