මේ දිනවල වෙළෙඳ පොළෙහි කහ කුඩු සහ කහ කැබැලි වල තිබෙන අධික හිඟය හේතුවෙන් මහා පරිමාණයෙන් කුළු බඩු නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට ඉදිරිපත් කරන සමාගම් කහ කුඩු පැකට් අලෙවිය පිණිස ඉදිරිපත් නොකරන අතර ඒ වෙනුවට වෙළෙඳ ලියාපදිංචිය නොමැති ආයාතන සහ පුද්ගලයන් කහ කුඩු නිෂ්පාදනය කර වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතී.
මෙම නිෂ්පාදන රජයේ ආයතන මගින් තත්ව පරීක්ෂණයට භාජනය කිරීමේදී එවැනි නිෂ්පාදන බොහොමයක් නිවැරැදි ප්‍රමිතියට නොමැති ඒවා බව තහවුරු වෙමින් පවතින බව වාර්තා වේ.
තවද සමහර කූට නිෂ්පාදකයන් විසින් කහ වර්ණය ලබා ගැනීම පිණිස මිනිස් පරිභෝජනයට නුසුදුසු රසායනික වර්ග හාල්පිටි සහ පරිප්පු පිටි වලට මිශ්‍ර කරණ බව විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු වෙමින් පවතින බව වාර්තාවේ.
මෙම රසායනික ද්‍රව්‍යය මිනිසාට පිලිකා ඇති කරන දරුණු පිලිකා කාරක බව ඒ සම්බන්ධව පර්යේෂණ කරන පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...