දේශීය පුවත්

ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් දෙපක්ෂය අතර පළමු පක්ෂ නායක රැස්වීමේදීම බරපතළ විවාදයක් ඇතිවුණු බව අපගේ පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටී.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පළමු පක්ෂ නායක  රැස්වීමේදී විපක්ෂයේ නියෝජිතයන් විසින් තමන්ට වැඩි කාලයක් දෙන්නැයි ඉල්ලා තිබෙන බව අපගේ ආරංචි මාර්ග පවසයි.

මෙතෙක් පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදාය වූයේ  විවාද වල දී විපක්ෂයට වැඩි කාලයක් ලබාදීමයි. එම නිසා මෙවරද විපක්ෂයට 60% සහ ආණ්ඩු පක්ෂයට 40% පාර්ලිමෙන්තුවේ විවාද කාලය  වෙන් කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ නියෝජිතයෝ පවසා සිට ඇත.

එහෙත් විපක්ෂයේ මතයට  දැඩි විරෝධය පළ කර ඇති සභා නායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙන්වා දී ඇත්තේ ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150කට වඩා සිටින නිසා ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40% බැගින් වෙලාවන් ලබාදීමට කතානායකවරයා කටයුතු කළ යුතු බවයි. ජනතා ඡන්දයෙන් තේරී පත්වී සිටින ආණ්ඩුවේ මහජන නියෝජිතයන්ට සාධාරණය ඉටු කිරීමට නම් ආණ්ඩු පක්ෂයට 60% සහ විපක්ෂයට 40% ලෙස පාර්ලිමේන්තුවේ  බෙදීම අනිවාර්ය බවද ඔවුන් පවසා තිබේ.

ඔවුන්ගේ මතයට එකඟ නොවූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ එසේ කටයුතු නොකළහොත් ආණ්ඩුවට තනිවම පාර්ලිමේන්තුව කරගන්නට ඉඩ දී විපක්ෂය පාර්ලිමේන්තුවේ කටයුතු වලින් ඉවත් වී යන බවයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තත්ත්වය සමනය කිරීමට මැදිහත්වෙමින් පවසා ඇත්තේ එළඹී ඇති තත්වය සම්බන්ධයෙන් ඉක්මනින්ම තීන්දුවක් ගන්නා බවය.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය අනුව ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40%ක් ලෙස කාලය ලබාදීමට පක්ෂ නායකයන් අවසානයේදී එකග වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය අනුව ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40%ක් ලෙස කාලය ලබාදීමට පක්ෂ නායකයන් අවසානයේදී එකඟ වී ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More