හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමැති සාගල රත්නායක අද (21 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු අගමැති රනිල් සහ හිටපු ඇමැති සාගල රත්නායක මෙලෙස කොමිසමේ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇත.
මේ අතර එළැඹෙන 26 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කොමිසමේ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.
පසුගිය 18 වැනිදා හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැය පහක පමණ කාලයක් කොමිසමේ විමර්ශන ඒකකයට ප්‍රකාශ ලබා දුන්නේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...