රාජ්‍ය ආයතනවල සිදුවන දූෂිත කි‍්‍රයාවන්ට තිත තැබීමට නම් එහි සිටින අවසන් දූෂිත නිලධාරියා දක්වාම නීතිය තදින් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගත යුතු බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසීය.
ගාල්ල ප‍්‍රදේශයේදී ඊයේ (19දා) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය ආයතනවල සිටින දූෂිත නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් එම ආයතන වෙනුවෙන් කැපවීමෙන් සේවය කරන යහපත් නිලධාරීන් පිරිසට ද විශාල අසාධාරණයක් සිදුවන බව ද ඒ මහතා කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මෙසේ ද පැවසීය.
සංවිධානාත්මක අපරාධ රැල්ල, කුඩු රැල්ල සහ කප්පම් ලබා ගැනීම් වැනි කි‍්‍රයාවන් මර්දනය වෙනුවෙන් පියවර ගන්නා ගමන් අපේම ඇතුළත් සුද්ධ කරගන්න ඕනේ. ඇතුළේ ඉඳගෙනම මේ වගේ දූෂිත කි‍්‍රයාවන් කරනවානම් එතන ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. එ් නිසා තමයි අවසන් දූෂිත නිලධාරියාටත් එරෙහිව නීතිමය පියවර ගත යුතුව තිබෙන්නේ. එසේ කළ දවසට තමයි කියන්න පුළුවන් අපි දූෂණය අවසන් කළා කියලා.
අපේ බොහෝ රාජ්‍ය ආයතනවල ඉතා හොඳ නිලධාරීන් රාශියක් ඉන්නවා. ඒ අතර දූෂිත නිලධාරීන් කිහිපදෙනෙකුත් ඉන්නවා. ඒ දූෂිත නිලධාරීන් හොඳ නිලධාරීන් මහන්සියෙන්, කාලය වැය කරලා කරන හොඳ ක‍්‍රියාවල්
සියල්ලගේම මඩ නෑවෙන විදියට වැඩ කරනවා. නීතිය කි‍්‍රයාත්මක කර තිත තැබිය යුත්තේ එවැනි දේ සදාකාලිකවම නවතාලීම වෙනුවෙන්.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...