දේශීය පුවත්

ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ලබාදීම සඳහා පත්කරණු ලබන ජාතික ක්‍රීඩා සභාවට මෙවර මෙරට ජනප්‍රිය ප්‍රවීනයන් රැසක් පත් කර තිබේ.

ඒ අනුව එහි සභාපති ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතාව පත් කර ඇත.

එහි සෙසු සාමාජිකයන් වන්නේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, රෝවේනා සමරසිංහ මිය, සංජීව වික්‍රමනායක මහතා, ජුලියන් බෝලිං මහතා, යශ්වන්ත් මුතුතෙට්ටුවගම මහතා, සුපුන් වීරසිංහ මහතා, කස්තුරි විල්සන් මිය, රුවන් කෑරගල මහතා, රාජිත අම්පෙමොහොට්ටි මහතා, රොහාන් ප්‍රනාන්දු මහතා, ඩිලන්ත මාලගමුව මහතා, අමල් එදිරිසූරිය මහතා ය.

ක්‍රීඩාවේ දියුණුව එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය මෙන්ම ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගාසිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාරයන් අතර වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More