දේශීය පුවත්

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම මන්ත්‍රී තනතුර සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇති බව වාර්තා වේ.

එජාපයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තමන් පත් නොවන බවට වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබූ නමුත් තවමත් ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමට එජාපය සමත් වී නොමැත. ඊට හේතුව වන්නේ එම මන්ත්‍රී ධුරය එජාපය නායකයා ලබා නොගන්නේ නම් ඒ සඳහා හිමිකම් කීමට හිටපු මන්ත්‍රීවරුන් රැසක් ඉදිරිපත් වීමයි.

ඒ අනුව එජාප නායකයා සිය සුපුරුදු ෂේප් න්‍යාය භාවිතා කරමින් නායකත්වය පමණක් නොව පක්ෂයට ලැබුණු එකම මන්ත්‍රී ධුරයද තමන්ගේ නමට ලියා ගැනීමට සූදානම් වෙයි.

අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා, රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර බොහෝදුරට එය ඒ්කමතිකව සම්මත වනු ඇත.

මේ වනවිට ඒ ඒ පක්ෂවලට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 27 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඔවුන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දී ඇති අතර එජාපයට හා අපේ ජන බල පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධුර දෙකට අදාල පත් කිරීම එම පක්ෂවල අභ්‍යන්තර අර්බුද හේතුවෙන් කල්දමා තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More