ලෝකයේ බහුලවම භාවිතා කෙරෙන විද්‍යුත් ලිපි සේවාව වන ‘ජී-මේල්‘ භාවිතා කරන්නන්ට තමන්ගේ විද්‍යුත් ලිපි යැවීමට මෙන්ම විද්‍යුත් ලිපියකට ගොණුවක් ඇමිණීමට නොහැකි වී තිබේ.
මේ සම්බන්ධයෙන් ගූගල් සමාගමට අද උදෑසන සිටම දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතින අතර ඇතැම් කලාපයන්හිදී ලිපිගොණු හෝ ඡායාරූප ඇමිණීමට හෝ බාගත කිරීම ද කළ නොහැකි වී තිබේ.
හැකි ඉක්මණින් තත්ත්වය හඳුනාගෙන දෝෂ නිරාකරණය කිරීමට ඉංජිනේරු කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ගූගල් සමාගම දැනුම් දී ඇතැයි ඉන්දීය ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ඉන්සයිඩර්‘ සඟරාව කියයි.
අන්තර්ජාල සේවා බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බලන සමාගමක් වන ‘ඩවුන් ඩිටෙක්ටර්“ සමාගමේ නිවේදනයක් අනුව මෙම තත්ත්වය ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ලෝකයේ තවත් රටවල් කිහිපයකම ජී-මේල් භාවිතා කරන්නන්ට බලපා ඇති බවත් වාර්තා වේ.
මාස දෙකක කාලයක් ඇතුළත ජී-මේල් සේවාවේ දෙවැනි බිඳ වැටීම මෙයයි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...