දෙරණ මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබේ.
අමෙරිකානු තානාපතිනියගේ ආරාධනාවකට අනුව ජයවීර මහතා මෙම දිවා භෝජන සංග්‍රහයට සහභාගීව ඇති බව දැනගන්නට ඇත.
මෙම හමුවේ ඇති විශේෂත්වය වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා කිරීමෙන් අනතුරුව අමෙරිකානු තානාපතිනිය හා දිලිත් ජයවීර මහතා අතර මෙම හමුව සිදුවීමය.
දිලිත් ජයවීර මහතා යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිසමීපතමයකු ලෙසත්, ” ජාතිකවාදී කඳවුරේ නියමුවකු” ලෙසත් අමෙරිකානු තානාපති කාර්යාලය විසින් හදුනාගෙන තිබීම මෙම හමුව සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මෙහිදී දෙපාර්ශ්වය අතර හමුව බොහෝ වේලාවක් පැවතියත් සාකච්ජා වී ඇති කරුණු මොනවාද යන්න පිළිබදව අනාවරණය වී නැත.
මේ සම්බන්ධයෙන් දිලිත් ජයවීර මහතාගේ ෆේස්බුක් පිටුවේ ජායාරූප කිහිපයක් පළ කිරීමටද ඒ මහතා කටයුතු කොට ඇත.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මගෙ අම්මේ මූ කසාද බැන්ද වගේ මාර ජොලියෙනෙ….උපන් රටේ එකෙක් එක්ක මෙහෙම සෙට් වෙයිද?