මෙම වර්ෂයේ ඉදිරි කාලය සඳහා මුදල් වෙන්කර ගැනිමට අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද දිනයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සඳහන් කළේය.
මේ වසරේ ඉදිරි මාස 4 සඳහා රජයේ වියදම් පවත්වාගෙන යාමට අදාළව මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
2021 වර්ෂය සඳහා වන අයවැය ලබන නොවැම්බර් මාසය තුළ ඉදිරිපත් කිරිමට නියමිතය.
අද දිනයේ පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ පැහැදිලි කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...