නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීම වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කිරීමේ බලය කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාට පවරා දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව එම විද්වත් කමිටුවේ නම් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි අමාත්‍ය ගම්මන්පිල මහතා සඳහන් කළේ.
එමෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ පූර්ණ බලතල ද අලි සබ්‍රි මහතාට ඊයේ (19) පවරා දුන් බවත් සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...