නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද (20දා) පස්වරු 3.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලබයි. එහිදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෙට (21දා) විවාද කිරීමට නියමිතය.
එ් අනුව එය නව පාර්ලිමේන්තුවේ පළමු විවාදය වන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිය නිල වශයෙන් විවෘත කිරීමට පෙර අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී ප‍්‍රථමයෙන් මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයාගේ නිවේදන කියැවීමෙන් පසුව නව පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සහ නව මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රතිඥව ලබා ගැනීම සිදුකරනු ලබයි.
එම කාර්යයන් අවසන්වූ පසුව පාර්ලිමේන්තුව එදිනම පස්වරු 3.00 දක්වා කල් තැබෙනු ඇත. එලෙස කල්තැබූ පාර්ලිමේන්තුව යළි උත්සවාකාරයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පස්වරු 3.00 ට රැස්වේ.
මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්තී‍්‍රවරුන් සියලූම දෙනාට අද පැවැත්වෙන පාර්ලිමේන්තු නව සැසියට සහභාගි වන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ආරාධනා කර තිබේ. මෙම පිරිස අතර රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් සහ මරණ ද`ඩුවම් නියමව සිටින පේ‍්‍රමලාල් ජයසේකර යන මහත්වරුද වෙති.
පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර 2 ක් තවමත් හිස්ව තිබෙන අතර එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් මෙතෙක් නම්කර නොමැති බැවින්, එම පක්ෂවලට හිමි මන්ත‍්‍රී ආසන මෙසේ හිස්ව තබන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සඳහන් කළේය.
පසුගිය මහ මැතිවරණයේදී එම පක්ෂ ලබාගත් ඡුන්ද ප‍්‍රමාණය අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රීධුර 01 බැගින් හිමි විය. කෙසේ වෙතත් එම පක්ෂ දෙකෙන් මෙතෙක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් නම් කර නොමැති බැවින්, මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් එම නම් ගැසට් කර නොමැත.
නව වැනි පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනය වන අද දිනයේදී මන්තී‍්‍රවරුන්ට සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමනය කිරීමට සිදුවේ. මුඛ ආවරණ පැළැඳීමද, නියමිත අසුනේ පමණක් අසුන් ගැනීම ද සිදු කළ යුතු අතර පාර්ලිමේන්තු මහජන ගැලරිය සාමාන්‍ය ජනතාවට විවෘත නොකෙරේ.
ජනාධිපතිවරයා ද සහභාගි වන බැවින් පාර්ලිමේන්තුවට අද විශේෂ ආරක්ෂාවක් ද සලසා ඇත.
අද දිනයේදී නවක මන්තී‍්‍රවරු 81 දෙනකු ඇතුළුව මන්තී‍්‍රවරුන් 223 දෙනකු දිවුරුම් දීමට නියමිතව තිබේ. මෙම නවක මන්තී‍්‍රවරුන් අතරින් 66 දෙනෙක් ඡුන්දයෙන් තේරී පත්වී ඇති අතර සෙසු අය ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටිති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...