දේශීය පුවත්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙරට දූෂිතම ආයතන දහය (10) අතරින් එකක් බව එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොල කියයි. එම දූෂණ කටයුතුවලට සම්බන්ධ ආයතනයේ උසස් නිලධාරීන් තුන් හතර දෙනකු සහ සුළු නිලධාරීන් කිහිප දෙනකු පිළිබඳ මේ වන විට විමර්ශන අරඹා ඇති බවද සභාපතිවරයා කියා සිටී.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඊයේ (19 වැනිදා) පෙරවරුවේදී පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.

දූෂණ කටයුතුවලට සම්බන්ධ ඇතැම් නිලධාරීන් පිළිබඳව විමර්ශන කටයුතු අවසන් කර ඇති බවද සභාපතිවරයා කීවේය.

පසුගිය කාලයේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට පැමිණි ඇතැමෙකුට සිය රාජකාරි කටයුතු සිදු කර ගැනීම සඳහා ෆයිල් කවර ඇතුළට මුදල් දාන්න වුණා. සභාපති ධුරය ලබා ගැනීමෙන් පසු එම දූෂණ කටයුතු නතර කර ජනතාවට පැය දෙකක් ඇතුළතදී රාජකාරි කටයුතු කර ගැනීමට පහසුකම් සපයා දුන්නා.

ඒ විතරක් නොවේ මාසයකට රුපියල් 465,000.00ක් ගෙවා කුළියට ගෙන තිබූ කැබ් රථ පහක් ඉවත් කිරීමටත් කටයුතු කළා යැයි සභාපතිවරයා සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය කාලයේ සිදු කෙරුණු පස් මාෆියාව නිසා විශාල මරණ සංඛ්‍යාවක් සිදුවූ බවත් එම භූමියෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා බලපත්‍ර අවිධිමත්ව ලබාදුන් බවට තොරතුරු අනාවරණයවී ඇති බවත් සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.

පසුගිය කාලයේදී හෙලිකොප්ටර් ආදිය යොදාගෙන විහාරස්ථානවල උත්සවවලදී මල් ඉසීම වැනි කටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදුකළ බවත් සභාපතිවරයා පෙන්වා දෙති.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඉකුත් වසරේදී (2019) රුපියල් මිලියන 2150 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදුන් බවත් මේ වසරේ පැවැති කොවිඩ් තත්ත්වයද හේතුකොටගෙන අවම වශයෙන් රුපියල් මිලියන 1500 ක මුදලක්වත් රජයට ලබාදීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා කියයි. එමෙන්ම මෙම වසරේ (2020) ගෙවුණු මාස කීහිපයටම වැටලීම් 429ක්ද කිරීමට එම කාර්යාංශය සමත්වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More