නිසි ලෙස විමර්ශන අවසන් නොකර නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කොට තිබූ පාස්කු ප‍්‍රහාරවලට සම්බන්ධ විමර්ශනවලට අදාළ අසම්පූර්ණ විමර්ශන ගොනු 18 ක් නීතිපතිවරයා විසින් ඊයේ (19 දා) වැඩබලන පොලිස්පතිවරයා වෙත හරවා යවා ඇත.
එකී විමර්ශන ගොනුවලට අදාළ සැකකරුවන් 18 දෙනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් බව පෙන්වා දෙමින් ඉදිරිපත් කොට තිබූ විමර්ශන ගොනු අධ්‍යයනය කිරීමේදී ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය උපදෙස් ලබාදීමට තරම් ප‍්‍රමාණවත් අයුරින් විමර්ශන සිදුකර නොමැති බව පෙනී යෑම නිසා එකී ගොනු ආපසු හරවා යැවීමට නීතිපතිවරයා පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර විමර්ශන අවසන් කොට වහාම එකී සැකකරුවන්ට අදාළ ගොනු තමා වෙත යොමු කරන ලෙසට උපදෙස් ලබාදෙමින් නීතිපති දප්පුල ද ලිවේරා එකී ගොනු වැඩබලන පොලිස්පතිවරයා වෙත හරවා යවා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ට ප‍්‍රකාශ කළාය.
මින්පෙර අවස්ථා දෙකකදී එලෙස විමර්ශන නිසිලෙස අවසන් නොකළ පාස්කු ප‍්‍රහාරයට අදාළ විමර්ශන ගොනු වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළ බවත් මේ අනුව අසම්පූර්ණ විමර්ශන ගොනු 100 ක් මේ වන විට වැඩබලන පොලිස්පතිවරයා වෙත හරවා යවා ඇති බවත් නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...