දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (19) පස්වරුවේ සිරිකොත එජාප මූලස්ථානයට හදිසියේ කඩාවැදීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිව තිබේ. මෙසේ පැමිණ ඇත්තේ නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි, බෝපිටියේ ධම්මිස්සර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසකි.

ඔවුන් පැමිණ එක්සත් ජාතික පක්ෂ නායකයාට නායකත්වයෙන් ඉවත් වන්නැයි බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ. එජාප නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දී නායකත්වයෙන් ඉවත් වන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන්නැයි තිනියාවල පාලිත හිමි ඇතුළු පිරිස එජාප නායකයාට පවසා තිබෙන නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එය එකහෙළාම ප්‍රතික‍්ෂේප කර තිබෙනවා.

තමා නායකත්වයෙන් ඉවත්වීමට දැනටමත් තීරණය කර ඇති බවත්, එහෙත් මීළඟ නායකයා කවුරුන්ද යන්න තෝරා ගන්නේ තමා නොව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. කරු ජයසූරිය මහතා නායකත්වයට ගෙන ඒමට අවශ්‍ය නම් එය කළයුත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා බවයි ඔහු පාලිත හිමි ඇතුළු පිරිස වෙත අවධාරණය කර තිබෙන්නේ.

එජාප නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් අතරතුර තිනියාවල පාලිත හිමි ඇතුළු පිරිසගේ කඩාවැදීම සිදුව ඇති අතර කෝපයට පත් රනිල් වික්‍රමසිංහ මහතා අතේ තිබූ ලිපි ගොනුවක්ද දමාගසා රැස්වීමෙන් නැගිට ගොස් සිය කාමරයට වැදී දොර වසාගත් බවයි වාර්තා වන්නේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More