ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මකවන පරිදි තර කරන ලෙසත්, ඒ සදහා විශේෂ කාර්ය බළකාය කැදවන ලෙසත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.
සමස්ත දිවයිනටම බලපාන අයුරින් පසුගියදා හදිසියේ සිදුවූ විදුලි බිදවැටීම පිළිබදව කරුණු සොයා බැලීම පිණිස, විෂයභාර අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදී තිබේ.
මේ සම්බන්ධයෙන් අලහප්පරෙුම මහතා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා දැනුවත් කර ඇති බවද දැනගන්නට ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...