දේශීය පුවත්

මෙරටට අවශ්‍ය ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් ගෙන්වනු ලබන්නේ විදේශ රටවලින් බවත් මෙම වසර අවසන් වීමට පෙර සේලයින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එතුමා මේ අදහස් පල කලේ අනුරාධපුර නොච්චියාගම නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් .

“ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ඖෂධවලින් සියයට 90ක්ම විදේශ රටවලින් ගේන ඒවා..ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ අවුරුදු 5කින් මේ රටට පිටරටින් ඖෂධ ගෙන ඒම නතර කරන්න..ඒ වෙනුවෙන් අපි සැළසුම් සකස් කරගෙන යනවා..බැසිල් රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති රැස්වීමක දී අපි එකඟතාවයකට ආවා මේ අවුරුද්ද අවසන් වීමට ප්‍රථම මෙරටට අවශ්‍ය සේලයින් රට තුළම නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න..මේ වසර නිමවීමට පෙර එම කර්මාන්තශාලාවේ නිෂ්පාදන රටට ලබාදෙන්නත් කටයුතු කරනවා..” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඖෂධ මාෆියාව තුරන් කිරීමට ද කටයුතු කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා .

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More