දේශීය පුවත්

නව වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හෙට(20) වැනිදා ආරම්භ වේ. ඒ සඳහා මන්ත්‍රීවරුන් 223 දෙනෙකු සහභාගී වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 2ක් සඳහා නියෝජිතයන් නම්කර නොමැති බැවින් එම ආසන තවදුරටත් පුරප්පාඩුව පවතියි.

63ක් මහජන ජන්දයෙන් – 14ක් ලයිස්තුවෙන් 

9 වැනි පාර්ලිමේන්තුවේ මෙම 223 අතරට නවක මන්ත්‍රීවරුන් 77 දෙනෙකු තේරී පත්වී තිබේ. ඉන් 63 දෙනෙකු මහජන ඡන්දයෙන් තේරී පත්ව තිබෙන අතර ඉතිරි 14 දෙනා ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ අය වේ.

මෙම නවකයින් අතුරින් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරු 60 දෙනෙකු තේරී පත්වී සිටියි. ඉන් 49 දෙනෙකු මහජන ඡන්දයෙන් ද ඉතිරි 11 දෙනා ජාතික ලැයිස්තුවටද අයත් වේ.

අන් පක්ෂ නියේජනය කරමින් ඉතිරි නවකයින් 17 දෙනා තේරී පත්වී සිටියි. ඉන් 14 දෙනෙකු මහජන ඡන්දයෙන් ද ඉතිරි තිදෙනා ජාතික ලැයිස්තුවෙන්ද පත්වී තිබේ.

ප්‍රමුඛතාවය නව කථානායක පත් කර ගැනීමට 

හෙට (20) රැස්වන 9 වැනි පාර්ලිමේන්තුවේ මූලිකම කාර්යභාරය වන්නේ නව කථානායකවරයා තෝරාගැනීම වන අතර ඉන්පසු ඔහු ඉදිරියේ නව සැසියට සහභාගී වන මන්ත්‍රීවරු දිවුරුම් දීමට නියමිතය. එම පත්කිරීමෙන් අනතුරුව නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය තේරීම්කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීමට නියමිතය.

මෙම පත්කිරීම් සඳහා අවශ්‍ය නම් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ගේ නම් යෝජනා කිරීමෙන් අනතුරුව ඡන්දයක් විමසීමට ප්‍රතිපාදන තිබෙන මුත් නව පාර්ලිමේන්තුවේ සංයුතියට අනුව එවැන්නක් සිදු නෙවන බවද වාර්තා වේ.

එදිනම සවස 3.00 ට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ වැඩපිළිවෙල ඇතුලත් ප්‍රකාශනය පාර්ලිමේන්තුව හමුවේ තැබීමට නියමිතය.

මැතිසභයට මහඋළු ගෙදරින් එන දෙන්නා 

හෙට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට බන්ධනාගාරයේ සිට මහජන නියෝජිතයින් දෙදෙනෙකු පැමිණීමද විශේෂත්වයකි. ඒ මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන සිවනෙසතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයා සහ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රේමලාල් ජයසේකර යන මහජන නියෝජිතයින්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More