දේශීය පුවත්

අපි බලාපොරොත්තු වෙන දේවල්ම සිද්ධවෙන අවස්ථා අඩුයි. හැබැයි ලැබෙන්නේ කුමන දේද ලැබෙන දෙයින් ඉහළම වැඩක් කිරීම තමයි මගේ පරමාර්ථය. ලැබුණ දේ තියෙන අඩුපාඩු කිය කියා ඉන්නවට වඩා ලැබුණු යම් වගකීමක් වෙනවා නම් ඒක බාරදුන්න කෙනා බලාපොරොත්තු වෙනවටත් වඩා ඉහළින් එය ඉටු කිරීම තමයි මගේ බලාපොරොත්තුව යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ  පසුගියදා සූරියවැව නගරයේ පැවති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා මෙසේද පැවසීය.

‘‘මට තිබුණු ඇමැතිකමම ලැබෙන්න ඕනේ කියලා එකක් නෑ. මගේ එහෙම බලාපොරොත්තුවකුත් නෑ. මට ලැබෙන්නේ මොකද්ද ඒක මම ඉතා ඉහළින් කරනවා. මෙවර මට පරිසර අමාත්‍යංශය ලැබිලා තියෙන්නේ. ඉතින් පරිසර අමාත්‍යංශය මෙතෙක් කලක් ක‍්‍රියාත්මක වුණාට වඩා වෙනස්ම ආකාරයකින් පරිසරය ආරක්ෂා වන ආකාරයට මගේ වගකීම ඉටු කරන්න තමයි මගේ බලාපොරොත්තුව. රටේ සංවර්ධනය වෙනුවෙන් මොකද්ද කරන්න පුළුවන්. ඒ දේ මම ඉටු කරන්න කටයුතු කරනවා.

ත‍්‍රිකුණාමලයේ සාම්බල්තිවු කලපුවේ අනවසර ඉදිකිරීම් සිදුකිරීම් සම්බන්ධයෙන් වන ගැටලූවට මන් පරිසර ඇමැති වරයා විදියට මැදිහත් වෙනවා. අනිවාර්යෙන්ම මේ ගැටලූවට මම මැදිහත් වෙලා සොයා බැලීම් කරනවා. ලංකාවට එක නීතියක් තමයි තියෙන්නේ. ඒක යාපනේද, ත‍්‍රිකුණාමලයේද නැත්නම් වෙනත් පළාතකද කියලා වෙනස් වෙන්න දෙන්න බෑ. කුමන ජාතියකින් ඒ ඒ අයට ඕන විදියට නීති හදාගන්න ගියත් අපි ඒකට ඉඩක් දෙන්නේ නෑ. රට පුරා එක නීතියක් තමයි තියෙන්නේ. ඒක නිසා කවුරු වුණත් කමක් නෑ පරිසරයට හානි වෙන දෙයක් වෙනවා නම් තරාතිරම හෝ දේශපාලන හයිය මට වැඩක් නෑ. මං ඒ අයට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කරනවා. මට ඇත්තටම තවම මේ ගැන නියම විදියට පැමිණිල්ලක් ලැබිලා නෑ. නමුත් මං මේ ගැන ක‍්‍රියාත්මක වෙනවා යැයි අමාත්‍ය වරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More