දේශීය පුවත්

සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිතයද බිඳ වැටි ඇති බවත්, වැරදි කරන සුළු පිරිසක් නිසා නීත්‍යානුකූලව කර්මාන්තවල නිරත ජනතාව අසරණ නොකළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දෙන ලදි.

“දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නිලධාරීන් නිර්මාණශීලිව ක්‍රියාකාරීම අවශ්‍යතාවක්. බිම් මට්ටමේ ගැටලු කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුයි. රජය ගන්නා තීරණ බිම් මට්ටමින් ක්‍රියාත්මක වන්නේදැයි පසුවිපරම අත්‍යවශ්‍ය සාධකයක් වේ. දිගුකාලීනව නිසි අවධානයට ලක් නොවූ පාරම්පරික කර්මාන්ත සංවර්ධනය සැලසුම්සහගතව කළයුතු කාර්යයකි. එක් එක් ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ ද එබැවින්ය. රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා සාම්ප්‍රාදියක කර්මාන්තකරුවෝ කනස්සල්ලෙන් පසු වූහ. පසුගිය මැතිවරණ සමයේ රට පුරා කළ චාරිකාවේ දී එය පැහැදිළිව අනාවරණය වූ අතර වේවැල්, පිත්තල, මැටි සහ ලී බඩු ක්ෂේත්‍ර ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පුළුල්ව සාකච්ඡා කෙරිණ. ගැටලු විසඳමින් කර්මාන්ත නගා සිටුවීමට කෙටි කාලීන සහ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කොට ඒවා නිරතුරුව පසුවිපරමට ලක් කළ යුතුය. මැටි ප්‍රවාහනයේ දී සහ මැටි ලබා ගැනීමේදී කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු සොයා බැලීමටත්, දැනට වසා දමා ඇති මැටි ආශ්‍රිත නිෂ්පාදන ආයතන නැවත විවෘත කිරීමටත් මම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නෙමි. සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කම ගැන පාසල් අවධියේ සිට දරුවන්ට අවබෝධයක් දිය යුතුයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන සඳහා ද සාම්ප්‍රදායික කර්මාන්ත සුදුසු මාතෘකාවක්. එමගින් කර්මාන්තයේ උන්නතියට විශාල දායකත්වයක් දෙන්න පිළිවන් එමෙන්ම දේශීය කර්මාන්ත නගා සිටුවීමේ දී පළාත් අමාත්‍යාංශ, රේඛීය අමාත්‍යාංශ සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ වැදගත්කමත්, ක්ෂේත්‍රයට තරුණ පරපුර ආකර්ශණය කර ගැනීමේ අවශ්‍යතාවත් ඇත. සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට වෘත්තීය වටිනාකමක් ලබාදීම විෂයභාර අමාත්‍යාංශවල වගකීමයි. කෘෂිකාර්මික අගයක් නැති වගුරු බිම් වේවැල් වැනි කර්මාන්ත ක්ෂේත්‍රයේ වගාවන් සදහා භාවිත කිරීමට පිළිවන. හඳුන්කූරු නිෂ්පාදනයට යොදා ගන්නා බම්බු කූරු ආනයනයට වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරේ. ඒවා අප රටේදීම නිෂ්පාදනය කිරීමෙන් පිටරටට ඇදී යන මුදල ඉතිරි කර ගැනීමට මැදිහත්වන්නැයි ද මම කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුනිමි.’ යනුවෙන් ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More