දේශීය පුවත්

ඉදිරියේ දී මිලිලීටර් 180 මත්පැන් බෝතල් හෙවත් කාලේ බොතල් විකිණීම නැවැත්වීම සඳහා නව නීති සකස් කරන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට කඩිනමින් සංශෝධන ගෙන ඒමට පියවර ගන්නා බව ඒ මහතා පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(18) කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වුණු සාකච්ඡාවක් අතරතුරදී ය. මධ්‍යසාර ඉහළ යාමේ දී සිදුවන හානිය වළක්වා ගැනීමත් ඉවතලන බෝතල් නිසා පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීමත් මෙහි අරමුණ වේ.

තව ද ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරියගේ ආශිර්වාදයෙන් 2006 අංක 27 දරණ මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණ පනතෙහි ඇතැම් කරුණු කඩිනමින් සංශෝධනය කළ යුතු බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. සිගරට් හා මධ්‍යසාර මත මේ වන විට පනවා තිබෙන බදු කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කී සභාපතිවරයා බදු මගින් ලබාගන්නා මුදල මෙන් කිහිප ගුණයක අති විශාල මුදලක් සිගරට් හා මධ්‍යසාර භාවිතයෙන් ජනතාවට ඇතිවන රෝගවලට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රජය වැය කරන බවද කීවේය.

එමෙන්ම තනි සිගරට්ටුව අලෙවි කිරීම වැළැක්වීමට නීති සකස් කිරීමේ යෝජනාවක් 2019 වසරේදී දෙවරක්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත් එය ඉදිරියට ගෙනයාමට නොහැකි වී ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. මෙම පනතෙහි දුම්බීමට තහනම් ප්‍රදේශ ලෙස දක්වා ඇත්තේ විවෘත නැති පොදු ස්ථාන බවත්, එයින් බොහොමයක් පොදු ස්ථාන ආවරණය නොවන නිසා ‘සියලුම පොදු ස්ථාන’ ලෙස වගන්තිය වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවත් වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා කීවේය.

මෙම වචනය වෙනස් කර ගැනීම සඳහා තම අධිකාරිය වසර ගණනාවක් තිස්සේ අනවරත අරගලයක යෙදී සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය. මෙම පනත අනුව දුම් රහිත දුම්කොළ හා ඒවා අඩංගු නිෂ්පාදන  අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති නිසා දුම්කොල සහිත බුලත් විට අලෙවි කිරීම කළ නොහැකි නමුත් එම නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන බව ද ඔහු කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More