දේශීය පුවත්

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි.

දිවයින කලාප 4කට බෙදා ඒ අනුව අවස්ථා හතරකදී විදුලිය විසන්ධි කරන බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව, පස්වරු 6 සිට 7 දක්වාත්, පස්වරු 7 සිට රාත්‍රී 8 දක්වාත්, රාත්‍රී 8 සිට 9 දක්වා සහ රාත්‍රී 9 සිට 10 දක්වාත් විදුලිය විසන්ධි කරනු ලබයි.

පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් මෙම විදුලි විසන්ධි කිරීම සිදු කිරීමට සිදු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙ අතර, විදුලි සැපයුමේ දෛනික ඉල්ලුම අනුව අවශ්‍ය වුවහොත් පමණක් දිවා කාලයේදී ද කලාප අනුව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

ඒ අනුව කලාප 4 ක් සඳහා පෙරවරු 10 සිට පැය එකයි මිනිත්තු 45 බැගින් පස්වරු 5.00 දක්වා දිවා කාලයේ විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

එනම්, පෙරවරු 10 සිට 11.45 දක්වාත්, පෙරවරු 11.45 සිට පස්වරු 1.30 දක්වාත්, පස්වරු 1.30 සිට 3.15 දක්වා සහ පස්වරු 3.15 සිට 5 දක්වාත්ය.

විදුලිය විසන්ධි කරන කාලය සහ කලාපවලට වෙන් කර ඇති ආකාරය පහත දැක්වෙන නිවේදනයේ සඳහන් වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More