දේශීය පුවත්

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (20 වැනිදා) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනිද්දා (21 වැනිදා) ඡන්දය ගැනීමට නියමිතය.

ඒ අනුව මෙය නව පාර්ලිමේන්තුවේ පළමු විවාදය වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පැවසීය.

නව පාර්ලිමේන්තු​ෙව් කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ කාරක සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා තෝරාපත්කර ගැනීම සහ නව මන්ත්‍රිවරුන්ගේ ප්‍රතිඥාව ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හෙට (20 වැනිදා) පෙරවරු 9.30 ට රැස්වේ.

එම කාර්යයන් අවසන්වූ පසු පාර්ලිමේන්තුව එදිනම පස්වරු 3.00 දක්වා අත්හිටුවනු ඇත. අත්හිටවූ පාර්ලිමේන්තුව යළි උත්සවාකාරයෙන් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.00ට රැස්වේ.

ජනාධිපතිවරයා මෙහිදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබයි. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව පසුදා, එනම් 21 වැනි සිකුරාදා දිනයේ රැස්වීමට තීරණය කළ බව මහ ලේකම්වරයා පැවැසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More