පුරවැසි කොලම

ඉන්දියාව, සහරාන් සහ අනිකුත් ඉස්ලාම් අන්තවාදීන්ගේ ආරක්‍ෂිත නවාතැන වූ බව රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ඊයේ (18 දා)පැවසීය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ සාක්‍ෂි විමසීම හමුවේ තවදුරටත් සාක්‍ෂි ලබාදුන් ජයවර්ධන මහතා මෙසේ ද පැවසීය.

කොමිසම – 2019 අපේ‍්‍රල් 04 වන දින ලැබුණු තොරතුර, තොරතුරක් බවට පෙන්වන්න තිබෙන උදාහරණ මොනවාද?

සාක්‍ෂිකරු – එම තොරතුර ලැබෙන විට තිබුණ පසුබිම මම මීට පෙර සඳහන් කළා. එම තොරතුරේ ඉලක්ක දෙකක් පිළිබඳව සඳහන් කර තිබුණා. එකක් තමයි ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය දෙවන ඉලක්කය ලෙස සඳහන් කර තිබුණේ වැදගත් පල්ලි.

මහ බැංකුවට පහර දීම සඳහා යොදා ගත්තේ සී 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය. නමුත් සහරාන්ලා ළඟ තිබුණේ යූරියාවලින් සකස් කරගත් පුපුරන ද්‍රව්‍ය. සී 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 1 කින් කරන විනාශය කිරීම සඳහා සහරාන්ලා ළඟ තිබුණ පුපුරන ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය වනවා.

පිහිවලින් පහර දීම, මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීම වැනි ප‍්‍රහාරයක් එල්ල විය හැකි ක‍්‍රම 4 ක් පිළිබඳව සඳහන් වනවා. එම තොරතුරේ තිබුණ නම් අතරේ සහරාන්, රිල්වාන්, හිලාල්, මිල්හාන් වැනි අයගේ නම් තිබුණා. මිල්හාන්ලා දෙදෙනකු පිළිබඳව තොරතුරු ලැබී තිබුණා.

ප‍්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය මානසික සූදානම තිබුණත්, තොරතුරු ලැබෙන අවස්ථාව වන විට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ වියහැකිභාවය 0/10 ක් වත් දෙන්න බැහැ.

කොමිසම – දෙන්න පුළුවන් වියහැකිභාවය කීයද?

සාක්‍ෂිකරු – තිබුණු තොරතුරු අනුව වියහැකිභාවය 5/10 ට වඩා අඩුයි.

කොමිසම – තොරතුරු ලබාදුන් පාර්ශ්වය සමග පැවති සාකච්ඡුාවලදී වියහැකිභාවය පිළිබඳව සාකච්ඡුා කළාද?

සාක්‍ෂිකරු – තොරතුරුකරු සමග සම්බන්ධතා තිබුණා. ප‍්‍රහාරයක් එල්ල විය හැකි කාල රාමුවක් තිබුණේ නැහැ.

කොමිසම – ඉන්දියාවෙන් එන තොරතුරුවල ඉන්පුට් :සබචමඑ* යන වචනය තිබෙනවා ද?

සාක්‍ෂිකරු – එම තොරතුරුකරු බොහෝමයක් තොරතුරු දීලා නෑ. වැඩ තුනකට යොදලා තිබෙනවා. මගේ තොරතුරුකරුට බිම් මට්ටමේ තොරතුරු ලබා ගන්න පුළුවන්කම තිබුණා.

කොමිසම – ඉන්දියාවෙන් ලැබෙන තොරතුරුවල ඉන්පුට් යන වචනය තිබෙනවාද?

සාක්‍ෂිකරු – සමහර ඒවායේ තිබුණා.

කොමිසම – අපේ‍්‍රල් 04 වැනිදා ලැබුණු තොරතුරේ ප‍්‍රහාරයක් සඳහා සූදානම් වීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවක් තිබුණාද?

සාක්‍ෂිකරු – අපගේ ආයතනයට ප‍්‍රහාරයක් සඳහා සූදානම් වන බවට තොරතුරු ලැබී තිබුණේ නැහැ. වනාතවිල්ලූව සිදුවීමෙන් පසුව ඔවුන්ගේ කටයුතුවලට බාධා සිද්ධ වූවා. වනාතවිල්ලූවේ තිබුණේ දෙසැම්බර් මාසයේ මිලදී ගත් බඩු බව දැනගන්න ලැබුණා.

කොමිසම – එම බඩු 2018 දෙසැම්බර් වලදී මිලදී ගත් බව දැනගත්තේ කෙසේද?

සාක්‍ෂිකරු – එහි ගිය අය කිව්වා රිසිට් පත‍්‍ර තිබුණා. එයාර් රයිෆල් එක මිලදී ගත් රිසිට් පත‍්‍රය තිබුණා. පුපුරන ද්‍රව්‍ය අසුරා තිබූ බඳුන් අලූත් ඒවා. එම ස්ථානයේ තිබුණ ගොඩනැඟිල්ලත් අලූත් එකක්. එම තොරතුරු අවටින් ලබාගෙන තිබුණා.

කොමිසම – වනාතවිල්ලූවේ වැටලීම ප‍්‍රහාරයක් සඳහා සූදානම් වීමට සම්බන්ධ කරන්නේ කෙසේද?

සාක්‍ෂිකරු – එතන තිබුණ ඩෙටනේටර් ඉලෙටි‍්‍රක් ඒවා නොවෙයි. ඒවා

ගල් බෝර සඳහා යොදන ඒවා. ඔවුන් අත්හදා බැලීමක් කරන්න ඇති?

කොමිසම – එහෙම කියන්නේ ඇයි?

සාක්‍ෂිකරු – එක ඩෙටනේටරයක් අඩුයි.

කොමිසම – කිසියම් ස්ථානයක පිපිරීමක් ගැන රාජ්‍ය බුද්ධි අංශයට වාර්තා වූවා ද?

සාක්‍ෂිකරු – අපිට 2019 අපේ‍්‍රල් 17 වන දින දක්වා තොරතුරු තිබුණේ නැහැ.

කොමිසම – රාජ්‍ය බුද්ධි අංශය ප‍්‍රහාරයක් එල්ල වන බවට සංතෘප්ත වීම සඳහා බලන සාධක මොනවා ද?

සාක්‍ෂිකරු – ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වැනි ස්ථානයකට හිතුන

ගමන් ප‍්‍රහාරයක් එල්ල කිරීමට බැහැ. වැදගත් පල්ලි කිව්වහම පරාසය වැඩියි. වැදගත්කම විවිධ විධියට මනිනවා. නිශ්චිත ඉලක්කයක් ලෙස සඳහන් කර තිබුණේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය ගැන පමණයි. හෝටල් පිළිබඳව සඳහන් කර තිබුණේ නැහැ. එම නිසා තොරතුරුකරු සමග නැවත නැවතත් සාකච්ඡුා කළා.

කොමිසම – ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව වියහැකිභාවය කුමක්ද?

සාක්‍ෂිකරු – එම තොරතුරුකරුගේ සිතීමේ ස්වභාවය පවා මෙයින් පැහැදිලි වනවා. එහි විය හැකිභාවය පිළිබඳ ගැටලූ තිබුණා.

කොමිසම – ඔබ ඉදිරිපත් කර තිබෙන වාර්තා තිබෙනවා. 2015 දෙසැම්බර්වල යුරෝපයේ නව අවුරුදු උත්සව අවලංගු කිරීම පිළිබඳව, බර්ලින්වල නත්තල් උත්සවයකට එල්ල වූ ප‍්‍රහාරයත් මෙන්ම ට‍්‍රක්රථ යොදාගෙන එල්ල කළ ප‍්‍රහාර පිළිබඳවත් එහි සඳහන් වනවා.

සාක්‍ෂිකරු – ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සූදානම් වීම සඳහා ලෝකයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙනවා.

කොමිසම – ඔබ නිරන්තරයෙන් පොලිස්පතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා, ආරක්‍ෂක කවුන්සිලයේදී සහරාන් පිළිබඳව දැනුවත් කළ බව කිව්වානේ. සහරාන් ජිහාඞ් අනුමත කරන බවත්, කාෆීර්වරුන් ඝාතනය කළ යුතු බව මුහුණු පොතේ සහ සමාජ මාධ්‍ය ජාලාවල පළ කළ බවත් ඔබ කිව්වානේ. එම තොරතුරේ සහරාන්ගේ නම තිබුණා. ඔබ වාර්තා කළ රිල්වාන්ගේ නම තිබුණා. මිල්හාන්ලා දෙදෙනකු පිළිබඳව ඔබ දැන සිටියා. ඔවුන් එකම ජාලයක කටයුතු කරන බවත් ඔබ දැන සිටියා.

එම නිසා 2019 අපේ‍්‍රල් 04 ප‍්‍රහාරයක් එල්ල වන බවට ලැබුණ තොරතුර ගැන නිශ්චිත නිගමනයකට එන්න තිබුණා නේද?

සාක්‍ෂිකරු – නැහැ. කිසිම

නිගමනයකට එන්න බැහැ. හෙට ගහනවා කියලා නිශ්චිත

නිගමනයකට එන්න බැහැ. එහෙම කළා නම් එය බුද්ධි සේවයක කටයුත්තක් නොවෙයි. අපි ලැබෙන තොරතුරු පරීක්‍ෂා කරලා තමයි තීරණයකට එන්නේ.

කොමිසමේ සභාපතිවරයා – පෙර තොරතුරු අනුව නිගමනයකට එන්න තිබුණා නේද?

සාක්‍ෂිකරු – ඔවුන් අවි පුහුණු වන බවට තොරතුරු තිබුණේ නැහැ. නුවරඑළියේ සිදුවීමක් ගැන වාර්තා වූවා. නමුත් වනාතවිල්ලූවේ සිදුවීම නිසා එම තත්ත්වය නැතිවෙන්න ඇති කියලා සිතුවා.

කොමිසම – 189 ලෙස සටහන් කර ඇති ලේඛනයේ ඔබ මොහොමඞ් සහරාන් ගැන සඳහන් කර තිබෙනවා. නුවරඑළිය ප‍්‍රදේශයේදී මුස්ලිම් තරුණයන් 25 ක් පමණ රැුස්කර ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය පිළිබඳව පුහුණුවක් ලබාදී ඇති බව 2019 මාර්තු 01 වන දා වාර්තා වී තිබෙනවා.

මෙරට ඉස්ලාම් ජනතාව වෙත එල්ල කරන ලද ප‍්‍රහාරවලින් හෙළන ලද ලේ සඳහා පලිගන්න කටයුතු කරන බව සඳහන් කර ඇති බව 2018 නොවැම්බර් 20 සිසිර මෙන්ඩිස් මහතාට වාර්තා කර තිබෙනවා.

ඔබට දී ඇති එම තොරතුරු අනුව ඔබ සඳහන් කර ඇති පුද්ගලයන් විසින් ක‍්‍රම 4 ක් ඔස්සේ ප‍්‍රහාරයක් එල්ල විය හැකි බව තීරණය කළ නොහැකි ද?

සාක්‍ෂිකරු – ඔවුන් තම සාමාජිකයන් අභිපේ‍්‍රරණය කිරීම සඳහා එබඳු කතා කියනවා. නමුත් ලැබුණු තොරතුර වැඩක් නැහැ කියලා තීරණය කළේ නෑ. එම තොරතුරේ මානසික අංශය දැක්කා.

කොමිසම – භෞතිකව සෑහීමකට පත්විය නොහැකිද?

සාක්‍ෂිකරු – අපේ නිලධාරීන්ට සෑහීමට පත්විය හැකි මට්ටමේ තොරතුරු තිබුණේ නැහැ. නමුත් තොරතුර 10.30 ට ලැබුණු ගමන් 11.10 පමණ වන විට අදාළ නිලධාරීන් පරීක්‍ෂණ කටයුතු සඳහා යොමු කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More