විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ” ඉන්දියාව පළමුව ” යනුවෙන් ප්‍රකාශයක් කිරීම පිළිබඳව මානව හිමිකම් නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් තම මතය පළ කොට ඇත.
ඒ මහතා ප්‍රශ්ණ කරන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය ” ශ්‍රී ලංකාව පළමුව ” නම් විදේශ ලේකම්ගේ ප්‍රතිපත්තිය ” ඉන්දියාව පළමුව ” වන්නේ කෙසේද යනුවෙනි. විදේශ ලේකම්වරයාගේ එම ප්‍රකාශය නොබැඳි ප්‍රතිපත්තියට පටහැනි බව සඳහන් කරන ඔහු තවදුරටත් ප්‍රශ්ණ කරන්නේ එවැනි ප්‍රතිපත්තියක් ජනාධිපතිවරයා හෝ අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කොට ඇත්තේ කවදාද යනුවෙනි.
ඒ අනුව එම ප්‍රතිපත්තිය මිලින්ද මොරගොඩ මහතාගේ පාත් ෆයින්ඩර් සංවිධානයේ ප්‍රතිපත්තිය වියහැකි බව ද ඔහු කියයි.
රජයේ උසස් නිලතල වලට, හමුදා නිලධාරීන් පත් කිරීමට විරුද්ධ වන බොහෝ පිරිස් මෙම පත්වී්මට විරුද්ධ නොවූයේ කුමක් නිසාද යන්න පැහැදිළි වන බවද ඔහු සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...