දේශීය පුවත්

නවක වදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී කිසිදු ලිහිල්භාවයකින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් අවධාරණය කරයි.

විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී නවක වදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වේ.

මීට අමතරව, නව ලොවට ගැළපෙන පරිදි විෂය නිර්දේශයන් සකස් කිරීම, රැකියා අපේක්ෂාවන් බලගැන්වීම සඳහා භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම, වෘත්තිය උපදේශනය සඳහා ක්‍රමානුකූල ප්‍රතිපාදනයන් ඇති කිරීම සහ විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටත පුද්ගලයින් විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයන්ට සහ කවුන්සිලයන්ට පත් කර ගැනීමේ දී සලකා බැලිය යුතු නිර්ණායකයන් කවරේ ද යන්න සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිලධාරීන් ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් ද සහභාගි කර ගනිමින් වෙන්වෙන් වශයෙන් මෙම සාකච්ඡා අමාත්‍යවරයා විසින් පවත්වා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More