මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාට නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගිවීමට මඩකළපුව මහාධිකරණය අද (18) අවසර ලබාදී තිබේ.
ඒ, මඩකලපුවේ මහාධිකරණ විනිසුරු එස් සුසයිදාසන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එහිදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට ලබන වැනිදා ආරම්භවන පාර්ලිමේන්තු සැසිවාරය හා ඉදිරි සැසිවාරවලට සහභාගිවීමට අවසරය විනිසුරුවරයා විසින් ලබාදී තිබේ.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කර මනාප 54,198 ක් ලබාගෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්විය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...