දේශීය පුවත්

ආණ්ඩුවට දෙවරක් ජනවරම ලැබුනේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට මිස පවතින ව්‍යවස්ථාවට පැලැස්තර දැමීමට නොවන බව ජාතික සංවිධාන කියයි.

අද (18) පෙරවරුවේ  ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා අවධාරණය කරනු ලැබුවේ ආණ්ඩුවට බහුතර බලය ලබා ගැනීම සඳහා උතුරු නැගෙනහිර කුඩා පක්ෂ කිහිපයක සහයෝගය ලබා ගැනීමට සිදුවීම නිසා ඔවුන්ගේ බලපෑමට යටත්වී 19 වැනි සංශෝධනය වෙනස් කරන 20 වැනි සංශෙෘ්ධනයට 13 වැනි සංශෙෘ්ධනය බලාත්මක කරන බෙදුම්වාදී – සංශෝධන කිහිපයක් ඉතා කූඨ ලෙස ඇතුල් කිරීමේ අනතුරක් තිබෙන බවය.

දැන් ආණ්ඩුවේ ජනාධිපති – අගමැති එකම පක්ෂයකට අයත් බැවින් සහ ජනාධිපතිතුමා විසින් ආරක්ෂක අමාත්‍යාංශය තමා යටතට පවරා ගැනීම නිසා 19 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීමේ හදිසියක් තිබිය නොහැකි බැවින් අනතුරුදායක පැලැස්තර දැමීම වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටියි.

මෙහි දී අදහස් දක්වා සිටි දේශ හි​ෙ​ෙතෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ පවසා සිටියේය.

‘‘ආණ්ඩුව දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කර ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටින විසිවන ව්‍යවස්ථා සංශෝධනයන් ඉතාමත් අනතුරුදායක දෙයක් වෙන්න පුළුවන්. බෙදුම්වාදී බලවේගවලට අවශ්‍ය යම් සංශෝධන එයට ඇතුළත් වෙයි කියලා අනතුරක් තියෙනවා. ඉදිරියේ දී මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් නැහැ. උතුරේ කුඩා දේශපාලන පක්ෂ එකතු වෙන්නත් අවශ්‍යයි. ඒක ලැබෙන්න නම් ඒ පක්ෂ කියනවා ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය දෙන්න නම් ඒ අයට අවශ්‍ය සංශෝධනයන් ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න කියලා. මේ අනතුර හිතලුවක් නෙමේ.

හැබෑවටම සිදු වීමට තිබෙන දෙයක්. බපොදුජන පෙරමුණේ ඉන්නවා මීට පෙර ඉන්දියාව කියපු විදියට දහතුන් වැනි සංශෝධනය බලාත්මක කිරීමට කැමැති අය. අපි ආණ්ඩුවට කියනවා ඔබට ජනතාව මනාපය දුන්නේ සංශෝධන ගේන්න නෙමෙයි නව ව්‍යවස්ථාවක් ගේන්න. ඒ නිසා කලබලේ හදිසියේ සංශෝධනයන් කරන්න බැහැ. හදිසියේ ව්‍යවස්ථා සංශෝධන ගේන්න ගිහිල්ලා ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානියක් සිදුවුවහොත් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුවට තියෙන සදාචාරාත්මක බලය සුජාත භාවය පිළිබඳව ගැටලුවක් මතු වෙනවා. එහෙම වුණොත් වෙන්නේ ජනවරමට ලැබුණු ආණ්ඩුවේ වටිනාකම නැති වෙන එක.

මේ වෙන කොටත් මේ කෙටුම්පත හදලා කියලා සමහර මාධ්‍ය වාර්තා කරනවා. ව්‍යවස්ථාමය පටිපාටිය අනුව එය වැරැදියි. යම් කිසි ඇමැතිවරයෙක් ව්‍යවස්ථා සංශෝධනයක් හදනවා නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබෙන්න අවශ්‍යයි. ඉන් පසුව තමයි කෙටුම්පත හදන්න පුළුවන්. මේ වෙද්දිත් ඒක හදලා නම් එය බරපතළ ගැටලුවක්. මේ කෙටුම්පත ගැසට් කරන්න කලින් මහජනතාවට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මෙය සැබැවින්ම සෙල්ලමක් නෙමෙයි. මෙයින් වන්නේ මොවුන්ට ලැබුණු ජනවරම විනාශ වීමය. එහෙම වුණොත් අපට මේ රටේ ජීවත් වන එකත් එපා වෙයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික නීතිඥ කල්‍යානන්ද තිරානගම ද මෙසේ පවසා සිටියේය.

‘‘මේ රටේ මෙතෙක් තිබුණු ව්‍යවස්ථා සංශෝධන කිසිවක් මේ රටේ ජනතාවගේ කැමැත්තට ඔවුන්ගේ උවමනාවට ගෙන ආපු ඒවා නෙමෙයි. ඒ නිසා දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට පැලැස්තර දාලා විසි වැනි සංශෝධනය ගෙන එන එක මහා භයානක දෙයක් වෙන්න පුළුවන්. දැන් කරන්න තියෙන්නේ දහනව වැනි ව්‍යවස්ථාව අහෝසි කිරීම විතරයි. සංශෝධන අවශ්‍ය නැහැ.

මන්ත්‍රීවරු රවටලා ඇස් වහලා භයානක දේවල් මේ රටේ සිදු වීමට ඉදිරියේ දී අනතුරක් තියෙනවා. ඒ නිසා මේ අවධානමට ඉඩ නොතියා නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒ නව ව්‍යවස්ථාව ජනතාවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. මොකද ජනතාවට අයිතියක් තියෙනවා ඒ පිළිබඳව දැන ගන්න.’’

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More