1987 සිට 1990 දක්වා කාලය තුලදී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ඉන්දීය සාම සාධක හමුදාව විසින් මෙරටදී ක්‍රියාත්මක කරනු ලැබූ පවන් ආදි මෙහෙයුම් වලදී මිය ගිය ඉන්දීය සාමසාධක හමුදාව අනුස්මරණය කිරීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
යාපනයේ පිහිටි ඉන්දියානු සාමසාධක හමුදා ස්මාර්කය අසලදී මෙම සැමරුම් උත්සවය සංවිධානය කොට තිබුනේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උඵදෙස් පරිදිය.
යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් එස්.බාලචන්ද්‍රන් මහතා සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉදිරි නඩත්තු පෙදෙස භාර ආඥාපති මේජර් ජෙනරල් ලක්මන් ප්‍රනාන්දු යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම අනුස්මරණ සැමරුම සංවිධානය කොට තිබුණි.
මෙහිදී මිය ගිය වීරෝධාර ඉන්දීය සාමසාධක හමුදාවේ රණවිරුවන් සිහිපත් කරිමින් ඔවුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වූ අතර මිය ගිය අය වෙනුවෙන් සාම්ප්‍රදායික බියුගල් වාදනයක්ද පැවත්වුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...