දේශීය පුවත්

දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය යැයි ජනවහරේ පැවසෙන කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වියදම් සඳහා අවශ්‍ය මුදල් නගරසභාවෙන් ගෙවීමේ යෝජනාවක් ඊයේ (17) සම්මත කරගෙන තිබේ.

කුරුණෑගල මහ නගරසභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙසේ රුපියල් 2,180,000ක මුදලක් නඩු කටයුතු සඳහා ගෙවීමේ යෝජනාව මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ එකඟතාවෙන් සම්මත කරගෙන ඇති බව සඳහන්.  ඊට සමගි ජන බලවේගයෙහි මන්ත්‍රීවරයෙක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා විරුද්ධ වී ඇති බවත් වාර්තා විය.

කඩාදැමූ ගොඩනැගිල්ල යළි ඉදිකිරීමට ද මීටපෙර පත් කළ කමිටුවක් විසින් නිර්දේශ කර තිබුණු අතර ඊට රුපියල් ලක්ෂ 90ක් පමණ වැය වනු ඇතැයි ගණන් බලා තිබිණි.  ඒ අනුව අවසානයේදී මේ සියලු බර පැටවෙන්නේ දුගී දුප්පත් ජනතාවගේ බත්පත මතය. මේවා පියවෙන්නේ ඒ අහිංසක මිනිසුන්ගෙන් අය කරගන්නා බදු මුදලිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More