පාසල් විෂය පථයෙන් ඉවත් කළ ඉතිහාසය විෂය යළිත් පාසල් විෂය මාලාවට ඇතුළු කරන ලෙසට ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමි අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස්ගෙන් ඉල්ලා ඇත.
පසුගියදා ඇමැතිධුරයේ දිවුරුම් දීමෙන් පසු අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුව ජී.එල්. පීරිස් ඇමැතිවරයා ආශිර්වාද ලබා ගැනීම සඳහා කොළඹ 07 ධර්මායතනයට පැමිණි අවස්ථාවේ දී ඇල්ලේ ගුණවංශ හිමියෝ එම ඉල්ලීම සිදු කළහ.
2001 වසරේ බලයට පත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවෙන් පසු බලයට පත් වූ ආණ්ඩු විසින් ඉතිහාසය විෂය පාසල් විෂයෙන් ඉවත් කිරීම සඳහා ක්‍රමයෙන් කටයුතු කළ බව උන්වහන්සේ විසින් මෙහි දී ඇමැතිවරයාට පෙන්වා දී තිබේ.
පාසල් දරුවන්ට ඉගෙනීම සඳහා ඉතිහාසය අර්ථවත් ආකාරයට සකස් කළ යුතු බවද එහිදී පෙන්වා දී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...