දේශීය පුවත්

ඉන්දියාවේ දී මිය ගිය බව කියන අංගොඩ ලොක්කාගේ පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටින ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා තමිල්නාඩු පොලිසිය විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත වාර්තා කරයි.

කොයිම්බතූර් හි සැඟවී සිටිය දී අංගොඩ ලොක්කා මෙම පිස්තෝලය භාවිත කළ බව පොලිසිය තහවුරු කර ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ ප්‍රකාශ කරයි.

පසුගිය ජූලි 3 වැනි දින ඔහුගේ අභාවයෙන් පසු මළ සිරුර ආදාහනය සඳහා රැගෙන ගිය අවස්ථාවේ දී අමානි ධන්ජි සහ මදුරෙයි සිට පැමිණි නීතිවේදියකු වන ශිවකාමි සුන්දාරි යන අය විසින් මෙම ගිනි අවිය ශ්‍රී ලාංකිකයාට භාර දී ඇති බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ වාර්තාවේ සඳහන් වේ. අංගොඩ ලොක්කා දන්ජි සමග චෙරන් මා නගරයේ ග්‍රීන් ගාඩ්න්හි කුලී නිවසක සැඟවී කලක් වාසය කර ඇත.

එහි වාසය කළ අංගොඩ ලොක්කා සුන්දරී සහ ධ්‍යානේෂ්වරන් යන දෙදෙනාගේ සහාය ඇතිව තාවකාලික හැඳුනුම්පතක් (ආඩාර් කාඩ්පතක්) ද ලබාගෙන තිබේ.

ලොක්කාට උදව් කළ මෙම තිදෙනාම පසුගිය සෙනසුරාදා (16 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර දින 10ක රඳවා ගැනීමක් පොලිසිය එහි දී ඉල්ලා සිටියේය. 1959 අවි පනත සහ 1946 විදේශිකයන්ගේ පනත යටතේ ද ඔවුන්ට චෝදනා ගොනු කර තිබේ. මේ අතර කොන්දේසි සහිත ඇප ඉල්ලා සුන්දරී නමැත්තිය අධිකරණය වෙත පෙත්සමක් ගොනු කර ඇත. එය හෙට (බදාදා) විභාගයට ගනු ලබන බවද ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ වැඩිදුරටත් වාර්තා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More