දේශීය පුවත්

මහ මැතිවරණයෙන් පසු අමාත්‍ය ධුර හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා ලෙස තමන් ගත් ක්‍රියාමර්ග පිළිබඳව හෙළිදරව්වක් දයාසිරි ජයසේකර මහතා විසින් කර තිබේ. මහ මැතිවරණයෙන් පසු තමන් ජයග්‍රහණය කල ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ගේ නම් ජේෂ්ඨත්වයට අනුව පෙළ ගස්වා අමාත්‍ය ධුර ලබා දීමේදී සලකා බැලීම සඳහා පොදුජන පෙරමුණට යැවූ බව ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා අනාවරණය කරයි.

එමෙන්ම තම පක්ෂයට පොරොන්දු වූ අමාත්‍ය ධුර තුන සඳහා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ හා තමන්ගේ නම ද යැවූ බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් අමාත්‍ය ධුර ලබා දීමේදී තමාගේ නම ඉවත් කොට තිබෙන බවද ජයසේකර මහතා සඳහන් කරයි.

එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අංක 01ට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ නමත්, අංක 02ට සුරේෂ් රාඝවන් මහතාගේ නමත් යැවූ බව සඳහන් කරන ජයසේකර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දෙද්දී අංක 01ට යැවූ නම නොසලකා අංක 02ට යැවූ නමට එය ලබා දී තිබෙන බවට ද චෝදනා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More