දේශීය පුවත්

හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ සමහර ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

අද (17) දහවල් 12.30ට පමණ දිවයින පුරා විදුලිය බිඳවැටීම සිදුවුණි.

කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් බිඳවැටීම සිදුව ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය.

2016 වසරෙන් පසු දිවයින පුරා සමස්ථ විදුලි පද්ධතිය බිඳවැටීමට ලක්ව ඇත්තේ පළමු වරටය.

එහිදීද විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පැය කිහිපයක් ගතව තිබුණි.

මේ අතර විදුලිය විසන්ධි වීම හේතුවෙන් මාර්ග සංඥා ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

එබැවින් කොළඹ නගරය හා ඒ ආශ්‍රිත මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිස් රථවාහන කොට්ඨාසය බාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

රථවාහන තදබදය අවම කිරීම සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කළ බව ඔහු පැවසීය.

කෙසේවුව ද විදුලිය විසන්ධි වීමෙන් දුම්රිය ධාවනයට බාධාවක් එල්ල වී නොමැති බව දුම්රිය පාළක මැදිරිය සඳහන් කළේය.

අද පස්වරුවේ කොළඹ කොම්පඤ්ඤවීදිය සහ කොටුව ආශ්‍රිතව සුළු දුම්රිය ප්‍රමාදයක් සිදුවුව ද මේ වන විට එය යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාළක මැදිරිය පැවසීය.

මේ අතර දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමෙන් පසුවද ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පැය 3 ත් 5 ත් අතර කාලයක් ගතවනු ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More