පසුගිය 15 වැනිදා ඩේලි නිවුස් ඉලෙක්ට්‍රෝනික පුවත් පතට ප්‍රකාශයක් නිකුත් කරමින් නව විදේශ ලේකම් අද්මිරල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශකොට ඇත්තේ නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ” ඉන්දියාව පළමුව ” යන්න බවය.
එම ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තිය ලෙස හැඳින්විය නොහැකි බව විචාරකයින් පවසන අතර ඒ මඟින් ශ්‍රී ලංකාව ඉන්දියානු – ඇමරිකානු – ජපාන සංවිධානයේ උවමනාවන්ට අනුව ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් වලට ප්‍රමුඛතාවය දීමට බැඳී සිටින බවය.
ඒ අතර ඔහු එම ප්‍රකාශය කරන්නේ ජනාධිපතිතුමා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීන්දුවක් අනුවද යන්න සඳහන් කොට නැත. මිට පෙර ඔහු සම්බන්ධව සිටින ” පාත් ෆයින්ඩර් ” ආයතනය විසින් පසුගිය යහපාලන ආණ්ඩුවට සකස් කළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට අදාළ උපායමාර්ගික ලේඛනයක් වර්තමාන රජයට බාරදුන් බව වාර්තා විය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...