පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී එහෙත් ඇමති හෝ රාජ්‍ය ඇමති ධූරයක් නොලද ජ්‍යෙෂ්ඨයන් රැසකට එළැඹෙන පළාත් සභා මැතිවරණයේ දී මහා ඇමති අපේක්ෂකත්වය ලබා දීමට පොදුජන පෙරමුණු නායකයින්ගේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව සබරගමුවට ජෝන් සෙනවිරත්න, වයඹට අනුර පියදර්ශන යාපා, බස්නාහිරට සුසිල් ප්‍රේම්ජයන්ත, ඌවට ඩිලාන් පෙරේරා සහ දකුණුට හිටපු මහා ඇමතිවරයෙකු ශාන් විජයලාල් හෝ චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් එසේ මහා ඇමති අපේක්ෂයන් ලෙස පත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවට වාර්තා වේ.
ව්‍යවස්ථාවට අනුව ඉහළ සභාවක සිට පහළ සභාවකට ඡන්දය ඉල්ලන්නේ නම් එනම් පාර්ලිමේන්තුවේ සිට පළාත් සභාවකට ඉල්ලන්නේ නම් අදාළ අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී තරඟ කළ යුතුය. ඒ අනුව අදාළ අපේක්ෂක ලැයිස්තුවේ ඊළඟට සිටින කෙනාට පාර්ලිමේන්තු වරම් හිමිවේ. පොදුජන පෙරමුණට එසේ පාර්ලිමේන්තුවට ගත යුතු පිරිසක් සිටිමද ජ්‍යෙෂ්ඨයන්ට මේ යෝජනා කිරීමට හේතුව වී තිබේ.
am.lk

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...