දේශීය පුවත්

රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

මේ අතර තෝරාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 02 වැනි දා සිට ක්‍රියායාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරු ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ කටයුතු සිදුකර පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථාපනය කිරීමෙන් පසු රැකියා 150,000 වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය දා නිවේදනය කළේය.

http://www.pubad.gov.lk රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More