දේශීය පුවත්

බස්නාහිර පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා අද (17දා) සිට විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට කටයුතු කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මෙහිදී ප‍්‍රමුඛතාව ලෙස වැල්ලම්පිටිය, වැලිකඩ, තලංගම, මුල්ලේරියාව යන ප‍්‍රදේශවල ග‍්‍රාමසේවා වසම් 74 තුළින් කි‍්‍රයාත්මක සුරකිමු ලංකා පොලිස් ආරක්‍ෂක කමිටු සාමාජිකයන් 740 දෙනකු කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තෙන්නකෝන් මහතා පියවර ගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ මැදිහත්වීමෙන් කි‍්‍රයාත්මක කර තිබෙන විශේෂ වැඩපිළිවෙළ පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාගේද පූර්ණ සහය ඇතිව මෙම වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

මේ වනවිට විවිධ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට උපයා ගත් මුදල්වලින් වත්කම් මිලදී ගැනීම් සිදුකර තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර තහවුරු කර ගැනීමට හැකි වුවහොත් එම දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More