දේශීය පුවත්

සුබසාධක නිලධාරීන් ලෙස විදෙස් රටවල් කීපයක අනුයුක්ත කර සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගෙන් කිසිදු සේවාවක් ඉටුව නැතත් වාර්ෂිකව රුපියල් මිලියන 970ක් ( කෝටි 97ක්) වැටුප් සහ දීමනා ලෙස ඔවුන්ට යවා ඇතැයි අනාවරණය වෙයි.

යහපාලන ආණ්ඩුව සමයේ මෙවැනි නිලධාරීන් 120 දෙනෙක් රටවල් කිහිපයකට අනුයුක්ත කර ඇති අතර මාසයක් ඇතුළත ඔවුන් සියලු දෙනා මෙරටට කැඳවන ලෙස කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත.

ඇමැතිවරයා සිය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිය අවස්ථාවේදී මේ බව අනාවරණයවී ඇත.

මැදපෙරදිග රටවල මෙන්ම සිංගප්පූරුව, රුමේනියාව, සයිප්‍රස් සහ කොරියාව වැනි රටවලටද මෙසේ සුබ සාධන නිලධාරීන් පත්කර ඇත. ඇතැම් රටවල සුබසාධන නිලධාරීන් හය දෙනෙක් සිටින බවද ඔවුන් පවුල් පිටින් එම රටවලට වී රජයේ වියදමින් නඩත්තු වන බවද අනාවරණය වී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේවන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා ඇතැයි ද එහි වියදම් දරන්නේ මිලියන 2000ක ස්ථාවර තැන්පතුවකින් ලබන පොලී මුදලින් බවද හෙතෙම කීවේය. සුබසාධක නිලධාරීන් වෙනුවෙන් වාර්ෂිකව සිදුකරන රුපියල් කෝටි 97 ක වියදම ඉතිරිකර ගතහොත් මෙම මූල්‍ය අර්බුදය යම්කිසි දුරකට මගහරවාගත හැකිවනු ඇතැයි මෙහිදී ඇමැතිවරයා අවධාරණය කර ඇත.

මෙම සුබසාධක නිලධාරීන් මෙරටට ගෙන්වුවද ඔවුන්ගේ රැකියා අහිමි කිරීමක් සිදු නොකරන බවට ඇමැතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෘත්තීය සමිති නියෝජිතයන්ට පොරොන්දු වී ඇත.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More