දේශීය පුවත්

තම පක්ෂයට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා සමසමාජ පක්ෂ ප්‍රධානීන් ආණ්ඩුව වෙත දැඩි විරෝධය පළ කොට ඇත.

එම පක්ෂය ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් අනෙකුත් සාමාජික පක්ෂ මෙන්ම තම පක්ෂයද විශාල දායකත්වයක් දැක්වූ බවත්, අනෙකුත් සියලු පක්ෂවලට කැබිනට් අමාත්‍ය ධූර ලබා දී තම පක්ෂයට පමණක් අමාත්‍ය ධූරයක් ලබා නොදීම අසාධාරණ බවත්ය.

ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධූරය තිස්ස විතාරණ මහතාට හිමිවූ අතර මෙම රජය යටතේද තිස්ස විතාරණ මහතාට කැබිනට් අමාත්‍ය ධූරය හිමි වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බවද ඔවුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් එම පක්ෂය කරුණු විමසා ඇතත් ඊට නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බවද දැනගන්නට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More