සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුකරවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මෙරට ශ්‍රම බලකාය කළමනාකරණය ද සිදුකළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙරට අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේ දී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බව ද ඔහු සඳහන් කළේය.
යටිතල පහසුකම් සංවර්ධනයට සීමා නොවී පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන එක්රැස් කරගන්නා දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (15) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...