දේශීය පුවත්

නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ලබන බ්‍රහස්පතින්දා (20 දා) පෙ.ව. 9.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.

එහි දී පළමුව කථානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීමෙන් පසුව සියලුම මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරේ. ඒ අනුව කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධනත්, නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටියත් නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයගේ නම් යෝජනා වී ඇති බව සඳහන්. ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක තනතුරු දෙකක් සඳහා ද තෝරා ගැනීමට නියමිත අතර ඊට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන අයගේ නම් කෙරෙහි අවධානය යොමු වී ඇති බව එම  වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාසත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා චම්පික රණවක හා හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ නම් ද යෝජනා වී ඇති බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More