දේශීය පුවත්

අද වන විට නව ව්‍යවස්ථාවක් ගැන නව රජය විසින් කතා කළ ද ඒ ගැන කිසිම දෙයක් කිසිවකුත් දන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කළේය.

මෙය ඉතාම භයානක තත්වයක් යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

යජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍ය ධූරය දරමින් සිටින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නිසා වහාම වෙනත් ඇමතිවරයෙකු ඒ සඳහා පත් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වයස අවුරුදු 76 ඉක්මවා සිටී සිටින බවත් ඔහු යටතේ ආයතන 85කට වඩා ගැසට් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරියේදී රාජපක්ෂවරුන්ට ම සීමා වූ ආණ්ඩුවක් පිහිටුවාවි යන බිය තමන්ට ඇති බවත් එනිසා රාජපක්ෂවරුන් යටතේ එක පවුලකට යටත් නොවී තම සමගි ජන බලවේගය සමග එක්වන්නැයි ආරාධනා කරන බව ද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජනබලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More