දේශීය පුවත්

මෙරට ජාතික ආරක්ෂාවට අහිතකර තත්ත්වයක් උදා කළ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බටහිර රටවල්, යුරෝපා සංගමය සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දැඩි විරෝධය පළ වී ඇත.

19 වැනි සංශෝධනය අහෝසි කළහොත් ශී‍්‍ර ලංකාවට ජී. එස්. පී. සහන සහ වෙනත් වරප‍්‍රසාද ලබාදීම අත්හිටුවන ලෙස දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන රැසක් බටහිර රටවලට සහ යුරෝපා සංගමයට පෙත්සම් යවා තිබේ.

මීට අමතරව ලෝක බැංකුවට සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ද පැමිණිලි කරමින් 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට ඉඩ නොදෙන ලෙස එම සංවිධාන තවදුරටත් ඉල්ලා ඇත.

මෙයට සමගාමීව 19 වැනි සංශෝධනය අහෝසි නොකරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකාවට අනතුරු අඟවා තිබේ.

මෙම 19 වැනි සංශෝධනය සඳහා මුල් වූ යහපාලන රජයේ හිටපු මන්තී‍්‍රවරයෙක් ජනපතිවරණයෙන් පසු ස්විට්සර්ලන්තයට පැන ගොස් ඇත.

මේ අතර රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ විදේශ බලපෑම් කෙතරම් එල්ල වුවත් 19 වැනි සංශෝධනය අහෝසි කිරිම සිදු කරන බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More