දේශීය පුවත්

2022 පළාත් පාලන මැතිවරණය අවසන් වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නවීන් දිසානායක, රවි කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම් යන අය අතර තරගයක් හටගැනීමත් සමග පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම තීරණයට පැමිණ ඇත.

ඒ අනුව 2022 වර්ෂයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ කටයුතු කරු ජයසූරිය මහතාට ලබා දී මැතිවරණයෙන් පසුව නායකත්වය ද වෙනස් කිරීමට තීරණය කර තිබේ.

මීට පෙර කරු ජයසූරියට නායකත්වය භාර ගන්නා ලෙස යෝජනා වී තිබූ අතර එහි දී ඔහු විසින් කොන්දේසි දෙකක් ද ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් කරු ජයසූරිය නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් නායකත්වය බලාපොරොත්තුවෙන් පසුවන පිරිස් විරෝධය දක්වා තිබේ.

එහෙත් ඉදිරි දිනවල එක්සත් ජාතික පක්ෂයේ සෙසු තනතුරුවල වෙනසක් වීමට නියමිත බව ද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More